හෙට්ටිපොළ දිව්‍ය හෘදයේ දේවස්ථානය

226

කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දේව්මැදි හත්පත්තුවේ ගිරාතලාන කෝරලේ ප්‍රෞඨ ඉතිහාසයකට උරුමකම් හිමි පැරණි යුව රාජධානියක්වූ පඬුවස්නුවරට කිලෝ මීටර් 1.5ක් නුදුරින් හෙට්ටිපොළ නගර මධ්‍යයේ මෙම දෙව්මැඳුර පිහිටා ඇත.

උතුරෙන් කොබෙයිගනේ ග‍්‍රාමය ද දකුණින් මූණමල්දෙණිය ග‍්‍රාමය ද නැෙඟනහිරින් වාරියපොළ සහ හල්මිල්ලවැව ද යන සතර දිසා මායිම් තුළ කේන්ද්‍රගතවූ මෙම දෙව්මැඳුර සිරිලක කිතුනු දෙවි මැඳුරු අතර පෞරාණික සිද්ධස්ථාන ඝනයට අයත් වෙයි. 1895 දී පමණ මීගමු ප‍්‍රදේශයෙන් පැමිණි කිතුනුවන් කීපදෙනෙකු කෝරලන්ද නමැති ඉඩම් කැබැල්ල ගිරාතලානේ පදිංචිව සිටි බයියමාමා නමැත්තකුගෙන් මිලට ගෙන එළිපෙහෙළි කොට කුඩා මඩුවක් සාදා එහි පදිංචි වී ඇත. ඔවුන් දිනපතාම රාත‍්‍රි කාලයේ එකතුවී යාච්ක්‍දා මෙහෙයක් පැවැත්වූ බවද කියැවේ. පසු කලෙක ඔවුනට දෙවි මැඳුරක අවශ්‍යතාව දැනුනෙන් කුඩා පොල් අතු මඩුවක් සාදාගෙන ඉරුදිනවල පූජා ධ්‍යානයන් වැනි මෙහෙයයන් පවත්වා ඇත. මෙම තොරතුරු සඳහන් කරන්නේ හෙට්ටිපොළ ස්වර්ණගිරි විහාරාධිපති බෝගල නන්දසාර නායක හිමිපාණන් වහන්සේය. සභා තොරතුරු අනුව 1897 මාර්තු 24 වැනි දින දෙව්මැඳුරක් සඳහා ඉඩමක් මිලදී ගත් බව සඳහන් වෙයි. එවකට කොළඹ අගරදගුරු ඇන්ඩෲ මෙලිසන් හිමිපාණන් විසින් මෙසේ වරින් වර ඉඩම් කොටසක් මිලදී ගෙන ඇති අතර 1897 දී ලබාගත් ඉඩමේ ලී කණු මැටි බිත්ති හා පොල් අතු වහල සහිතව ඉදිකළ තාවකාලික මඩුව වත්මන් දෙව්මැඳුරේ ආරම්භය විය. එය සාදන ලද්දේ 1902 වසරේදී කුරුණෑගල මීසමේ සේවය කළ ක්ලෙමන්ට් මුලියර් පියතුමාගේ සේවා කාලයේදීය.

මෙම ප‍්‍රදේශය 1896 දක්වා අයිතිව තිබුණේ යාපනය ප‍්‍රතිරාජගුරු වසමටය. ක‍්‍රි. ව. 1894 දී එය කොළඹ

අගරදගුරු වසමට අයත් වූ අතර එතෙක් කුරුණෑගල මීසමෙන් පාලනය වූ හෙට්ටිපොළ සභාව 1910 දී කුලියාපිටිය මීසමට භාර කෙරිණි. මේ අතර තුර මෙතෙක් පැවැති තාවකාලික දෙව්මැඳුර වෙනුවට වඩා ස්ථීරවූ ගඩොලින් බැඳි නව දෙව්මැඳුරක් ඉදිකොට 1926 ඔක්තෝබර් 2 වැනි දින විවෘත කෙරිණි. අල්තාරය පඩි පෙලක් සේ දිස්වූ අතර දෙපස ඉස්තෝප්පු දෙකක් සහ කුරුස පල්ලි දෙකක් ද විය. එය ඉදිකරනු ලැබුයේ කුලියාපිටිය මීසම භාරව සිටි එව්ජින් තෝමස් පියතුමාගේ සේවා කාලය තුළදීය.

ඉතිරි කොටස ලබන සතියේ පළවේ

කුලියාපිටිය රීටා සේනානායක

advertistmentadvertistment
advertistmentadvertistment