ජපානයේ මගී ගුවන්යානයක් ගිනිගෙන දැවේ

160

5ක් මරුට

ජීවිත 374ක් බේරේ

ජපානයේ ටෝකියෝ අගනුවර පිහිටි හනේඩා ගුවන් තොටුපළට ඊයේ (02) සවස ගොඩ බැස්වූ මගී ගුවන් යානයක් ගුවන් ධාවන පථයේදී තවත් ගුවන් යානයක ගැටීමෙන් හටගත් ගින්නෙන් මගී ගුවන් යානය මුළුමනින්ම දැවී විනාශ වී ගොස් තිබේ. මගී ගුවන් යානය ගින්නෙන් විනාශ වී ගොස් ඇතත් යානයේ සිටි මගීන් හා ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන් 5දෙනෙකු මිය ගොස් 374ක් නිරුපද්‍රිතව යානයෙන් ඉවත් කර ගැනීමට බලධාරීන්ට හැකි වී තිබේ. උතුරු ජපානයේ හොකයිඩෝ දූපතේ සිට ගමන් අරඹා ඇති අදාළ මගී ගුවන් යානය හනේඩා ගුවන් තොටුපළට ගොඩ බැස්වීමත් සමගම එම ධාවන පථයේ ගමන් ගත් භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ට ආධාර ගෙනගිය වෙරළාරක්ෂක ගුවන් යානයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment