සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය කොමිසම අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසයි

17

සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහජන අදහස් විමසීම පසුගියදා සාර්ථකව අවසන් කළේය.

ජාතික සමගිය හා සංහිඳියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීම හා එකී ක්‍රියාවලියට ඔවුන්ගේ අදහස් ලබා ගනිමින් නිර්දේශ සකස් කිරීමේ අරමුණින් මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ.

මීට අමතරව, යුද්ධය නිසා බලපෑමට පත්වු නොච්චියාගම, මහවිලච්චිය ප්‍රදේශයේ ගම්වාසීන් ද, එම ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීවරුන්ද, අනුරාධපුරය දිස්ත්‍රික් ලේකම් ඇතුලු ග්‍රාම නිලධාරිවරුන්ගේ නියෝජනයක්ද, සංවර්ධන නිලධාරීන් ඇතුලු රජයේ නිලධාරීන් ද, රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමිය ඇතුලු ආචාර්ය මණ්ඩලයද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවිල් සංවිධානයන්හි ක්‍රියාකාරින්, ප්‍රදේශයේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් නියෝජනය කරමින් වන්නි ආඥාපති ඇතුලු යුධ හමුදාවේ ඉහල නිලයන්ද, ගුවන් හමුදා නිලධාරීන් හා අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුලු සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්, ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ද, ජාතික සමගිය හා සංහිදියාව කාර්යාලයේ හා ජාතික ජනසභා කාර්යාලයේ නිලධාරීන් ද, මැදවච්චිය ප්‍රදේශයේ යුද්ධයෙන් පීඩාවට පත්වු තම්මැන්නා, ඇලවක හා

මහකෝන්ගස්කඩ යන ප්‍රදේශයන්හි ගම්වාසින්ද, කැබිතිගොල්ලෑව හා හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ගම්වාසීන් ඇතුලු විවිධ පාර්ශවකරුවන් රැසක් සමග එම අදහස් විමසීම සිදුකරන ලදී.

මෙම සාකච්ඡා සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රංජිත් ආරියරත්න, ජ්‍යෙෂ්ඨ විධායක (ප්‍රතිපත්ති) අසිෆ් ෆුවාඩ්, විධායක ( මහජන සබඳතා)ධනුශි ද සිල්වා , විධායක (මහජන සබඳතා) නීතිඥ සෞම්‍යා වික්‍රමසිංහ, (නීති අංශය) නීතිඥ නවීන්ද්‍ර ෆොන්සේකා හා සම්බන්ධීකාරක ගාමිණි විද්‍යාරත්න යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් සහභාගි වුහ.

advertistmentadvertistment
advertistmentadvertistment