විජයකලා නිදහස්

165

හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහෙස්වරන් මහත්මිය ඇයට එරෙහිව පැවති නඩු කටයුත්තෙන් නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (19දා) නියෝග කළේය.

ඇයට එරෙහිව නඩු කටයුත්ත ඉදිරියට පවත්වාගෙන යෑමට තරම් ප්‍රමාණවත් සාක්‍ෂි නොමැති බැවින් නඩු කටයුත්ත අවසන් කරන ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව කියමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්වීම සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

විජයකලා මහෙස්වරන් මහත්මිය ළමා හා කාන්තා කටයුතු විෂයභාර අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ එනම් 2017.07.02 වන දින යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකදී එල්. ටී. ටී. ඊ. සංවිධානය නැවත නගාසිටුවිය යුතු බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබුණ පැමිණිල්ලක් අනුව අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන පවත්වා විමර්ශන උධෘත නීතිපතිවරයා වෙත යවා තිබිණි. එකී විමර්ශන අනුව විජයකලා මහෙස්වරන් මහත්මියට එරෙහිව චෝදනා ගොනු කර නඩුවක් ඉදිරියට පවත්වාගෙන නොයන බවට අධිකරණය විසින් අවස්ථා ගණනාවකදී කළ සිහිකැඳවීම්වලින් පසුව නඩුව ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment