පාරේ සිටි මඟ මරුවා අත්තිරිංගත් කඩාගෙන තරුණයා බිලි අරන්

206

ගම්පොළ ගුරුකැලේ ප්‍රදේශයේ පෙරේදා (18 දා) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් එක් අයකු එම ස්ථානයේම මියගොස් තවත් අයකු බරපතළ තුවාල ලබා ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නිල්ලඹ 25 කොටස පදිංචි සජිත් මධුසංඛ නමැති 26 හැවිරිදි අයෙකි. තුවාල ලැබූ ධනංජය කුමාරසිංහ යන අය රෝහල්ගත කර තිබේ.

මොවුන් ත්‍රිරෝද රථයකින් යමින් සිටියදී එය මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක හා ගාඩ්ගලක ගැටී පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුව තිබේ. ත්‍රිරෝද රථයේ තිරිංග ක්‍රියා විරහිත වන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර පෙරළී ඇති රථයේ අත් ගියරයද ඇද ඇති බව පොලිසිය නිරීක්ෂණය කළේය.

පොලිසිය පැමිණ මළසිරුර රෝහල වෙත යැවීමට කටයුතු කළ අතර එහි පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (19 දා) සිදු කිරීමට නියමිතව තිබුණි.

ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, පොලිස් අධිකාරී රොෂාන් අමරසිංහ, ගම්පොළ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ලක්සිරි ප්‍රනාන්දු, රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. නන්දන යන මහත්වරුන්ගේ උපදෙස් මත උ.පො.ප. බණ්ඩාර, පො.සැ. (33463) ලියනගේ, (49007) වික්‍රමසිංහ යන නිලධාරීහු පරීක්ෂණ සිදු කළහ.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment