රුසියානු මිසයිල ප්‍රහාරයකින් ‘ඔඩෙසා’ නගරයේ එක් අයෙකු මරුට පහකට තුවාල

143

යුක්රේනය ආක්‍රමණය කර ඇති රුසියානු හමුදා විසින් දකුණු දිග යුක්රේනයේ වරාය නගරයක් වන ඔඩෙසා නගරයට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පස් දෙනෙකු තුවාල ලබා තිබේ. මෙම මිසයිල ප්‍රහාරයන් එල්ල වී ඇත්තේ නගරයේ සාප්පු සංකීර්ණයක් ඉලක්ක කරගෙනය.

 මේ අතර රුසියානු නගරයක් වන ‘මරියුපෝල්’ වරාය නගරයේ රුසියානු හමුදාවන්ගේ දැඩි ප්‍රහාරයට එල්ල වී ඇති ඇසොව්ස්ටාල් වානේ නිෂ්පාදන කර්මාන්තශාලාවේ තවමත් සිවිල් වැසියන් 100ක් පමණ දෙනා කොටු වී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම කර්මාන්තශාලාව සති ගණනක සිට රුසියානු හමුදාවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්ව සිටී. මේ අතර යුක්රේන ජනාධිපති ව්ලොදීමීර් සෙලෙන්ස්කි ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා ඇත්තේ රුසියානු හමුදා විසින් යුක්රේනයේ වරාය නගර අවහිර කිරීම නැවත්වීමට කඩිනම් පියවර ගන්නා ලෙසයි. එසේ යුක්රේන වරාය නගර අවහිර වීම නිසා තිරිඟු අපනයනය කිරීමේ කටයුතු ඇන හිට ඇති බව ඔහු සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment