ගෝලීය උණුසුමින් පස් ගුණයකින් අනතුරු වැඩි වේ

148

ජාත්‍යන්තර කාලගුණ සංවිධානය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව පසුගිය වසර 50ක කාලය තුළ ලොව පුරා සෑම දිනකම කාලගුණය, දේශගුණය හා ජලය ආශ‍්‍රිතව සිදුවන අනතුරක් වාර්තා වී ඇති අතර එම අනතුරෙන් පුද්ගලයන් 115 දෙනකු පමණ මිය ගොස් දෛනිකව ආර්ථිකයට ඇමරිකානු ඩොලර් මිලියන 202ක අලාභ හානියක් සිදුව තිබේ. ඉකුත් වසර 50ක කාලය තුළ ගෝලීය උණුසුම හේතුවෙන් හටගනු ලබන ව්‍යසනයන්ගේ සංඛ්‍යාව පස් ගුණයකින් වැඩි වී ඇති බවද අදාළ වාර්තාවේ දැක්වේ.

 ජාත්‍යන්තර කාලගුණ සංවිධානයේ වාර්තාවට අනුව 1970-2019 කාලසීමාව තුළ ලොව පුරා සිදුව ඇති මුළු ස්වභාවික ව්‍යසනයන්ගේ සංඛ්‍යාව 11,000 කට අධික වන අතර ඉන් මිලියන 2කට අධික පිරිසක් මිය ගොස් ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියන 3.64 ක අලාභයක් ලෝක ආර්ථිකයට සිදුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment