යාපනය රෝහලේ අධ්‍යක්ෂකට තර්ජනය කළ අය අල්ලයි

329

ජනාධිපති ලේකම් කාර්යාලයේ යැයි කියමින් යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂකට දුරකතන ඇමතුමක් දී තර්ජනය කළ පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ (22දා) මීගමුවේදී අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනය ශීක්ෂණ රෝහලට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව ජනාධිපතිවරයාගේ නියෝගයක් මත යාපනයේ එක් පුද්ගලයෙකුට ලබා දෙන ලෙසත් එසේ නොකළහොත් කරදර රැසකට මුහුණ දීමට සිදු වන බවත් පවසමින් අදාල සැකකරු දුරකතන ඇමතුම ලබා දී ඇත.

යාපනය ශීක්ෂණ රෝහලේ අධ්‍යක්ෂ ශ්‍රී බවානන්දරාජා මහතා යාපනය පොලීසියට කරණ ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් පරීක්ෂණ පවත්වා සැකකරුව අත් අඩංගුවට ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment