ආගමික ඉගැන්වීම් විකෘති කරන ක්‍රියාවන්ට නව නීති

258


ඇතැම් පුද්ගලයන් විසින් ආගමික ඉගැන්වීම් විකෘති කරමින් ,සමාජ ආතතිය ඇති කරමින් සිදු කරන ක්‍රියාවන් වැළැක්වීමට හා තුරන් කිරීමට රජය නව නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
පුද්ගලයකු ආගමික කරුණු විකෘති කරමින් කළ දේශනා ආදිය අනුගමනය කරමින් ඔහු හා ඔහුගේ අනුගාමිකයන් කිහිප දෙනෙකු සියදිවි නසා ගැනීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේ ය.
සමාජය විකෘති කිරීමට පොළඹවන පුද්ගලයන් විසින් මෙහෙයවනු ලබන ආගමික ඇදහිලි පිළිබඳව සොයා බැලීමට කැබිනට් මණ්ඩලය විසින් කමිටුවක් පත්කළ බව ද විදුර වික්‍රමනායක මහතා එහිදී ප්‍රකාශ කළේය.
රටේ නීතිමය රාමුව තුළ සෑම කෙනෙකුටම තම ආගම ඇදහීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කටයුතු කඩනමින් සිදු කරන බව ද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment