අගෝස්තු අගදී විදේශ සංචිත ඩොලර් මිලියන 1716ට බහී

101

ඉකුත් අගෝස්තු මාසය අවසානයේදී ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1716ක් දක්වා පහත වැටී ඇත.

මෙය 2022 ජූලි මාසයේ දී සඳහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1817ට වඩා සියයට 5.6ක පහළ යාමක් බව නවතම ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවක සඳහන් වේ.

මේ අතර මෙම නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය 2022 ජූලි මාසයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1709 සිට අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1619ක් දක්වා සියයට 5.3කින්ද අඩු වී තිබේ.

මේ සංචිත ප්‍රමාණයෙන් ද ඇමෙරිකානු ඩොලර් මිලියන 1500ක් පමණම ඇත්තේ භාවිතයට ගත නොහැකි චීන විදේශ විනිමය හුවමාරු පහසුකමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment