මෙවර යාල වහන්නෙ නෑ  – වසර පුරා සංචාරකයන්ට විවෘතයි

125

සැප්තැම්බර් මුල සිට මාස එකහමාරක කාලයක් යාල ජාතික උද්‍යානය සෑම වසරකදීම වසා දැමූවද මෙවර වසර පුරා දෙස් විදෙස් සංචාරකයන් සඳහා උද්‍යානය විවෘතව තබන බව යාල ජාතික උද්‍යාන භාරකරු මනෝජ් විද්‍යාරත්න සඳහන් කළේය.

සෑම වසරකම යාල වසා දැමුණේ නියං කාලයේ අපහසුතාවයෙන් සිටින වන සතුන්ට සංචාරකයන් උද්‍යානයේ සැරිසැරීමේ දී සිදුවන පීඩා අවම කිරීමටත් ජලය එක්රැස් වන ස්ථාන සඳහා ජලය පිරවීම මෙන්ම උද්‍යානයේ නඩත්තු කටයුතු සඳහා බව උධ්‍යාන භාරකරු සඳහන් කළේ.

පසුගිය කාලසීමාව තුළ යාල ජාතික උද්‍යානයේ ඇති වැව් අමුණු රැසක් පිළිසකර කිරීමට හැකිවීම නිසා නියං කාලයේ වන සතුන්ට අවශ්‍ය ජලය ප්‍රමාණවත් පරිදි සපයාදීමට හැකියාව ලැබී ඇති බැවින් හා මේ වසරේ සංචාරකයන්ගේ පැමිණීම අඩු බැවින් උද්‍යානයේ කටයුතු පාලනය කරමින් සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට ගත් පියවරක් ලෙස මෙසේ උද්‍යානය විවෘතව තබන බව උද්‍යාන භාරකරු සඳහන් කළේය.

තිස්සමහාරාම – අමිල සම්පත්
 

advertistmentadvertistment
advertistmentadvertistment