එක නීතියක් නැත්නම්  කොවිඩ් මාර්ගෝපදේශ  සංශෝධනය කර වැඩක් නෑ – වෛද්‍ය නවීන් ද සොයිසා  

134

නියමිත නීති රාමුවක සිට ලබා දී ඇති කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ එක රටක් එක සෞඛ්‍ය නීතියක් යටතේ ක‍්‍රියාත්මක නොවන්නේ නම් නිතිපතා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කිරීම පල රහිත ක‍්‍රියාවක් බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘‘දිවයින’ ට ඊයේ (28 දා) ප‍්‍රකාශ කළේය.

කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ, බලවතාට එක විදියක් සහ දුබලයාට තව විදියක් ලෙස මෙරට තුළ ක‍්‍රියාත්මක වීම නිසා අද කොවිඞ් තත්ත්වය සෞඛ්‍ය අංශ පාලනයෙන් ගිලිහී යෑමේ අවදානමට පැමිණ ඇතැයි ද වෛද්‍යවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙසේද පැවසීය. ‘මැතීන්ට, ඇමැතීන්ට, දුප්පතාට, පොහොසතාට, බලවතාට, දුබලයාට මේ රටේ කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක වන්නේ විවිධාකාරයට සෞඛ්‍ය ගයිඞ් ලයින් එක් එක් අයට ඕනෑ විදිහට නවන්න යෑම නිසා ඒ පිළිබඳව මහජනතාවගේ විශ්වාසය බිඳවැටී අවසන්.

කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ආරක්‍ෂා කරන්න, එය නිසි ලෙස කළමනාකරණය කරන්න, සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම ඇමැතිවරයාත් අපොහොසත්ව තිබෙනවා. ඕනෑම කොවිඞ් ප‍්‍රභේදයකින් අපි ආරක්‍ෂිතයි කියලා සෞඛ්‍ය ඇමැති පදනම් විරහිත කතා කියනවා. මේ වගකීම් විරහිත ප‍්‍රකාශ නිසා රටේ ජනතාව නොමග යනවා.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment