රූපවාහිනි වොලිබෝල් අභියෝග ශූරතාව පුත්තලමට සහ කෑගල්ලට

136

දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ක්‍රීඩිකාව

35 වැනි තරුණ සේවා රූපවාහිනි අභියෝග ශූරතා පිරිමි සහ කාන්තා වොලිබෝල් තරගාවලියේ ශූරතාව පුත්තලම සහ කෑගල්ල දිස්ත්‍රික් දිනා ගත්තේය.

එම කණ්ඩායම් දෙක සඳහා ශූරතා කුසලානය සමග රුපියල් එක් ලක්ෂ පන දහස බැගින් ප්‍රදානය කෙරිණි.

රූපවාහිනි වොලිබෝල් අභියෝග ශූරතාව පුත්තලමට සහ කෑගල්ලට

මහරගම ජාතික තරුණ සේවා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති එම තරගාවලියේ පිරිමි අංශයේ අවසන් මහා තරගය පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික් අතර පැවැත්විණි.

එහිදී තරග වට 3-2 ක් ලෙස ජය ගනිමින් පුත්තලම ශූරතාවය හිමිකර ගත් අතර කාන්තා අංශයේ අවසන් මහා තරගයට පිවිසි කෑගල්ල කණ්ඩායම 3-0 ක් ලෙස පුත්තලමට එරෙහිව ජයග්‍රහණය ලබා ගත්තේය.

රූපවාහිනි වොලිබෝල් අභියෝග ශූරතාව පුත්තලමට සහ කෑගල්ලට

පිරිමි අංශයේ පුත්තලම සහ ගම්පහ අතර තරගය 22-25, 19-25, 25-15, 26-24 සහ 11- 15 ක් ලෙස ජය ගැනීමට පුත්තලම කණ්ඩායම සමත් විය.

කාන්තා තරගය කෑගල්ල විසින් ජය ගනු ලැබුවේ 25-17, 25-19 සහ 25-16 ක් ලෙසිනි.

කාන්තා අංශයේ තෙවැනි ස්ථානය අතර තරගය බදුල්ල සහ ගම්පහ අතර පැවැති අතර ගම්පහ කණ්ඩායම තරග වට 3-1 ක් ලෙස ජයග්‍රහණය ලබා ගැනීමට සමත් වූයේය.

පිරිමි අංශයේ තෙවන ස්ථානය කෑගල්ල විසින් දිනා ගනු ලැබුවේ තරග වට 3-0 ක් ලෙස කොළඹ කණ්ඩායම පරාජය කරමිනි.

දක්ෂතම ක්‍රීඩකයා ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේ කවිඳු පබසර සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කෑගල්ල දිස්ත්‍රික්කයේ දිල්රුක්ෂි කල්පනී සම්මානයට පාත්‍ර වූහ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව එක්ව මෙම තරගාවලිය සංවිධානය කරනු ලැබීය.
වාද්දුව – අනිල් ටී. සිරිවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment