නොබෙල් ත්‍යාගලාභී මාර්කේස් විනාශ කරන්නැයි කී අවසන් නවකතාව පුතාලා එළිදක්වති

376

නොබෙල් ත්‍යාගලාභී ගේබ්‍රියල් ගාර්සියා මාර්කේස්ට විනාශ කිරීමට අවශ්‍ය වූ අවසන් නවකතාව එනම් Until August ඔහුගේ පුත්‍රයන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

ගේබ්‍රියල් ගාර්සියා මාර්කේස් දශකයකට පෙර අභාවප්‍රාප්ත වූ අතර ඔහු ඩිමෙන්ෂියා රෝගී තත්ත්වයෙන් පෙළෙමින් සිටියදී මේ නවකතාව රචනා කර තිබිණි. ජීවත් වූ අවසන් දින කිහිපයේ ඔහු සිය පුතුන්ට පවසා තිබුණේ මේ ග්‍රන්ථය විනාශ කරන ලෙසය.

කෙසේ වෙතත් ඔවුන් සිය පියාට අකීකරු වෙමින් මේ ග්‍රන්ථය මුද්‍රණය කර තිබේ.

මේ කෘතිය සම්බන්ධයෙන් මිශ්‍ර විචාර පළවී ඇති අතර ද ගාඩියන් පුවත්පත විස්තර කර ඇත්තේ මේ නවකතාව ‘බොඳවූ ලේඛනයක් සහ දෝෂ සහිත කටු සටහනක් ’ බවය.

පොත ප්‍රකාශයට පත් කිරීම සාධාරණීකරණය කරමින් ගාර්සියා මාර්කේස්ගේ පුත් ගොන්සාලෝ පැවසුවේ මෙම නව පොත අද්විතීය බව තමා විශ්වාස කරන බවයි.

2014 වසරේදී අභාවප්‍රාප්ත වූ කොලොම්බියානු ලේඛකයා වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ලේඛන ශෛලියේ පුරෝගාමියා වශයෙනි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment