අතුරු පාලක කමිටුවේ ඉව වැටුණු ක්‍රිකට් ලොක්කෝ කෝටි ප්‍රකෝටි චෙක් ලියාගෙන – ඇමැති රොෂාන් රණසිංහ

443

සාගල පෙරළි පෙරළි හොරකම් කරන්න යෝජනා එව්වා

ජනාධිපතිට ජනාධිපතිගේ ගෝලයන්ට ක්‍රිකට් ක්‍රීඩාවට ඇඟිලි ගහන්න තියෙන අයිතිය මොකක්ද – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ඇමැතිවරයෙක් නොවන සාගල කමිටුවකට දැම්මේ ඔහු ඊට වඩා බලවත් නිසාද? – විමල් වීරවංශ

තමන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු පාලක කමිටුවක් පත් කරනු ඇතැයි සිතා දින දෙක තුනක් ඇතුළත එහි නිලධාරීන් කෝටි ප්‍රකෝටි ගණනක චෙක් ලියාගෙන ඇතැයි ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07 දා) කීය.

ඊට අමතරව දඹුල්ල ක්‍රීඩාංගණය සඳහා බල්බ් සවිකිරීමට බිලියන 1.5 ක මුදලක් ද වැය කර ඇතැයි හෙතෙම පැවසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා,

අද අත්හිටුවීමේ නියෝගයක් අතුරු කමිටුවට දීලා. අතුරු කමිටුව පත් කිරීමට හේතුව ඔස්ටේ්‍රලියාවේ පැවැති 20/20 තරගාවලියේ සිදුවූ දූෂණය හොයන්න කියලා ලැබුණු උපදෙස් මතයි විගණකාධිපති විසින් උපදෙස් දුන්නේ.

අතුරු කමිටුවට පැනවූ වාරණයට අපි ගරු කරනවා. නමුත් ඒ නිසා පතුල පේන්නැති තරමට හොරකම් කරපු දූෂිතයෝ ටිකක් නැවත බලය ගන්නවා. දූෂණ වංචා ප්‍රමාණය හිතා ගන්න බැහැ. මම සවිස්තරාත්මක ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේ කරනවා. මුළු රටම බලාපොරොත්තු වූ තීන්දුවක් මම ගත්තේ. ඒ දූෂණය නිසා.

විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෙනසක් රටම බලාපොරොත්තු වුණා. ඒ නිසා හොඳම පුද්ගලයා අර්ජුන රණතුංග පත් කළා.

අපි ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන දවසක් විවාද කළා. අපි තමයි අධිකරණයට බලය දෙන්නේ. දූෂණය ගැන චෝදනා එල්ල වූ පුද්ගලයා අධිකරණයට යනවා.

ක්‍රීඩා ඇමැතිට තමයි අතුරු පාලක කමිටුව පත් කරන්න බලය තියෙන්නේ. මමත් ඇමැති ලෙස පත් කළා. ආණ්ඩුව කැබිනට් උප කමිටුවක් දැම්මා. අතුරු කමිටුව ගැන හොයන්න. එය දේශපාලන බලපෑමක්. ඇමැතිට උඩින් දැම්මේ. එදා දූෂණ ගැන කතා කරද්දි ඇමැති හැර ආණ්ඩුවේ හැම කෙනාම දූෂණයට පක්ෂව කතා කළේ.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ

සමහර රටවල්වල ක්‍රිකට් තරගයක් පැරදුනාම ගෙවල් ගිනි තියෙනවා. එහෙම අපේ රටේ නෑ. අපේ ප්‍රේක්ෂකයන්ගේ හොඳ තත්ත්වය සමහරු පාවිච්චි කරනවා ලාභ ප්‍රයෝජන ගන්න.

අද අයි. සී. සී. ඉන්දියාවේ දේපළක්. මෝදිගේ උපන් දිනය දවසේ අන්තිම තරගය දාලා ඔහුගෙ ගමේ. ලෝක කුසලාන තරග තීන්දු ගැන විශේෂ ලෙස අවධානයට ලක් වෙලා.

අපේ තේරිම් මණ්ඩලයේ තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. ඒවා ගැන බලන්න. මෙසේ තේරීම් කමිටු පාලනය කරන්නේ ඉන්දියාවයි. පාලක මණ්ඩලයට එහා ගිය අවුලක් තේරීම් කමිටුවත් කියනවා හොරකම් හොයන්න වෙනම විනිසුරු මණ්ඩලයක් දාන්න. ඒ ක්‍රිකට් නොගහපු මහත්මයෙකුට ක්‍රිකට් හදන්න බැහැ. ක්‍රිකට් නිලවරණයේ ඡන්ද හදන්න හරියට නීතිය හදන්න.

ඇමැති රොෂාන් රණසිංහ

ක්‍රීඩා පනත ගේන්න මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. කැබිනට් එක සාගල රත්නායක ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා මේ ගැන අධ්‍යයනය කරන්න. ඒකේ පළවෙනි රැස්වීමට මමත් ගියා. එතනින් එහාට කිසිම සාකච්ඡාවක් තිබුණේ නැහැ.

මන්ත්‍රී විමල් වීරවංශ

මේක ඉතා අභෝභනයි. ඇමැති පනත් කෙටුම්පතක් කැබිනට් එකට ගෙන ගියහම ඒ ගැන කතා කරන්න ඇමැතිවරුන්ගේම අනු කමිටුවක් දානවා විනා සාගල රත්නායකගේ ප්‍රධානත්වයෙන් කමිටුවකට දාන්න බැහැ. ඔහු කළ ක්‍රීඩා මොනවද? අමාත්‍ය මණ්ඩලයට කරන අවමානයක්. ඔහු ඇමැතිවරයකුට වඩා බලවත්ද?

ඇමැති රොෂාන් රණසිංහ

මට සාගල රත්නායක එව්වා ලිපියක් පනතට කරුණු ඇතුළත් කරන්න කියලා. ඒක දැක්කහම දැන් හොරකම් කරන විදිහට වඩා පෙරළි පෙරළි හොරකම් කරන්න බලය යෝජනා කරලා. මම හදපු එක කැබිනට් මණ්ඩලයට ගෙනවා. අනුමත කරයි කියා සිතනවා.

ඊයේ සිද්ධියෙන් පස්සේ ඇමැති මණ්ඩල රැස්වීම අවසාන වී ජනපතිතුමා මට වෙනම කතා කළා. කමිටුව පත් කරපු එක අයින් කරන්න කිව්වා. නැතිනම් ක්‍රීඩා නීතිය එතුමා යටතට ගන්නවා කිව්වා. මම කිව්වා ක්‍රීඩා නීතිය නොවෙයි මාව අස් කරලා කැමැති තීන්දුවක් ගන්න කියලා. මම කිසිසේත්ම කමිටුව ඉවත් කරන්නේ නෑ කියලා. මොවුන් කරලා තියෙන දූෂණවල පතුල පේන්නේ නෑ. ටී ටෙන් කියලා එකක් හෙට අනිද්දා පටන් ගන්නවා. එය තව මගඩියක්. විගණකාධිපති, දූෂිතයි දඬුවම් දෙන්න කියා කියලා තියෙනවා. නමුත් නීතිපති ක්‍රියාත්මක වන්නේ නෑ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ක්‍රීඩාවේ හැම අංශයකම දියුණුවක් දකින මාර්ග සිතියමක් අවශ්‍යයි. ක්‍රිකට් නිසා ක්‍රිකට් ආයතනයට මහා විශාල ධනයක් එකතු වෙලා. ක්‍රිකට් පරිපාලනයට විවිධ අය එකතු වන්නේ ක්‍රිකට් දියුණු කරන්න ද ආයතනයට එකතු වන සල්ලි බෙදා ගන්න ද කියා බැලිය යුතුයි.

ක්‍රිකට් ආයතනය අන්ත දූෂිතයි. මේ හොරු ටික පැන්නිය යුතුයි. පැහැදිලි ක්‍රමවේදයක් තුළ ක්‍රීඩා නංවන ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. ජනාධිපතිව අමතක කරන්න. හෙට පාර්ලිමේන්තුවේදී 225 ටම ආරාධනා කරලා ඒකමතිකව ක්‍රිකට් ක්‍රීඩාව නිර්දේශපාලනීකරණය කරන්න ගජමිතුරු සංගම් ටයිකෝට් කාර සංගම් තමයි ක්‍රිකට් සල්ලිවලට පික් පොකට් ගහන්නේ.

මම කවදාවත් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ අධිකරණය විවේචනය කර නෑ. නමුත් මේ ලබා දෙන නියෝග ගැන බරපතළ ගැටලුවක් තියෙනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව ලක්ෂ 220 කගේ ජීවිත සමග බැඳුනු දෙයක්. මේකත් එක්ක විධායකයට, අධිකරණයට, ව්‍යවස්ථාදායකයට, දේශපාලනඥයන්ට, හොරුන්ට, අල්ලස් කාරයන්ට සෙල්ලම් කරන්න දෙන්න බැහැ. ක්‍රීඩා ඇමැති ලෙස නිවැරදි තීරණ ගන්න.

ආනා පුංචිහේවා මහතාට ඡන්ද බලයක් නොතිබුණත් ක්‍රිකට් පැත්තෙන් මහා විශාල සේවයක් කළා. පවුල් අරගලවලට ක්‍රිකට් භාජනය වුණා. අද ඇමැතිවරයාට ඔහුගේ ජොබ් එක කරන්න බෑ. විධායකය ඇඟිලි ගහනවා. ජනාධිපතිගේ ගෝලයන් ඇඟිලි ගහනවා. කොහොමද මෙහෙම යන්නේ. දැන්වත් තේරෙනවා ඇති රටට, අපි හොරු සමග වාසය නොකරන්නට ගත්ත තීන්දුව නිවැරදි බවට.

හොර දූෂිත ක්‍රමවේදය අද නඩු තීන්දුවෙන් තහවුරු වීම රටේ ඛේදවාචකයක්. කාගේ උවමනාවට ද මේවා වෙන්නේ. අධිකරණයේ ස්වාධීනත්වයක් තියෙනවද? දේශපාලන බලපෑම් සිදුවෙනවාද? මේක බලවත් ප්‍රශ්නයක්. කොන්ද කෙලින් තියාගෙන හිටපු තැනින් ඉවත් වුණෙත් මේ නිසයි. එක එක් කෙනාගේ බලපෑම්වලට යටත් විය යුතු නෑ. ඇමැතිවරයා ඡන්ද බලයෙන් ආවේ. ඡන්ද බලයක්වත් නැති අයගේ කමිටුවල බලපෑම්වලට යටත් විය යුතු නෑ. මහා සල්ලි ඉල්ලම දිහා බලාගෙන ගිජුකමින් කාටවත් ක්‍රිකට් විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ. අපි ඔබත් සමග නිවැරදි සෑම තැනම සිට ගන්නවා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත

අපි දිගින් දිගටම ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන කතා කළා. ඇමැතිතුමා සමග විවාදවලට සහභාගි වුණා. ඇමැති ගන්න තීන්දුව නිවැරදියි. අධිකරණ තීන්දු වැරදි විය හැකියි. නිවැරදි විය හැකියි. නමුත් ඇමැතිගේ බලයට කිසිම හානියක් වී නෑ. අපි ඔක්කොම එකතු වෙලා අපේ ශක්තිය දෙනවා නැවත වතාවක් අලුත් කමිටුවක් පත් කරන්න. අපි උදව් කරනවා.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

අධිකරණයේ තීන්දුවත් සමග අතුරු කමිටුව විසිවෙනවා. ක්‍රිකට් කමිටුව ස්ථාපිත වෙනවා. එයයි සිදුව ඇති වැරැද්ද.

විපක්ෂ නායක

හොරු පන්නලා දාලා ක්‍රිකට් ආරක්ෂා කරන්න. විසඳුමක් දුන්නා. ඒ විකල්ප විසඳුම අධිකරණයේ වාරණයට ලක්වෙලා. සති දෙකක වාරණයක් යන විට හොරා කාපු හොරුන්ට නැවත සල්ලි ටික හොරා කන්න පුළුවන් වෙනවා. හොරා කාපු සාක්ෂි ටික විනාශ කරන්නත් පුළුවන්. නිවැරදි ක්‍රමවේදයක් යටතේ වාරණය යළි ඉවත් කරන්න කටයුතු කරන්න.

ඇමැති රොෂාන් රණසිංහ

පසුගිය දින තුන හතර විතරක් ප්‍රකෝටි ගණනක චෙක් ලියලා අතුරු කමිටුවක් දායි කියලා සැක කරපු දවසේ ඉඳලා කෝටි ගණනක චෙක් ලියලා. දඹුල්ලේ ලයිට් ටික මාරු කරලා අලුතින් හදලා ලක්ෂ 15000 ක් ඒ කියන්නේ බිලියන එකහමාරක් වැය කරලා ලයිට් ටිකට. හොර ලිපිගොනු ඉවත් කිරීමේ පැහැදිලි අවදානමක් ඇති වී තියෙනවා.

දහදෙනෙක් පහළොස් දෙනෙක් ආණ්ඩුවේත් විපක්ෂයෙත් ඉන්නවා රෙදි නැතිව කඩේ යනවා ශ්‍රී ලංකා ක්‍රිකට් එකට. ඒ හැර දෙසිය දහයක් පමණ ක්‍රිකට් දූෂණයට එරෙහිව අපි සමග ඉන්නවා. වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්නද කියලා ප්‍රකාශයක් තියෙනවා. අද එවැනි තත්ත්වයක් ඇති වී තියෙන්නේ. ජනාධිපති හෝ කැබිනට් මණ්ඩලය දැනුවත් කරන් නෑ කියලා ප්‍රකාශයක් ඊයේ ගියා. මගේ බලතල අනුවයි තීන්දුව ගත්තේ. පා පන්දුව ක්‍රීඩා නීතියෙන් ඉවත් කරන්න කියලා ලෝක පාපන්දු සංගමය කිව්වා. ඒත් අපි සීමා දැම්මා. වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්ය කළා. ඒවා අනුමැතිය අරන් තහනම ඉවත් කර ගත්තා. රග්බි තහනම ඉවත් කර ගත්තා. මේවා දාලා තිබුණෙ එකම කණ්ඩායමක්. අද ක්‍රිකට් දූෂණය හැම ආයතනයක්ම අල්ලලා දූෂිත කල්ලියට ගොඩක් අය අහුවෙලා.

බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි (සජබ)

ක්‍රිකට් අනු කමිටුවට අධිකරණයට පෙර මුලින්ම විරෝධය ආවේ ආණ්ඩුවෙන්. ඇමැති මණ්ඩලය තමයි මේ විරෝධය ඇති කළේ. දැන් අභියෝගයට ලක් කරන්න බැහැ. ආණ්ඩුව හොරුන්ට ආරක්ෂාව දෙනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල

ඇමැති ලෙස ඔබට නඩුවට මැදිහත් විය හැකියි. අධිකරණ ඇමැතිට එන්න කිව යුතුයි. හදිසියේ තහනම් දීලා මොකද්ද හදිසිය. ඒකපාර්ශිකව තීන්දුව දීලා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment