ශ්‍රී ලංකාවේ වාර්තා චිත්‍රපටය අද ලොව පුරා එකවර

363

ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද “The Saga of Mountain Dwellers” වාර්තාමය චිත්‍රපටය මේ මස 18 වැනි සෙනසුරාදා (අද) දහවල් 12.30ට ජාතික ලේඛනාගාර පරිශ්‍රයේදී ප්‍රදර්ශනය කෙරෙන අතර ඒ මොහොතේම ලොව පුරා රටවල් 11ක සමගාමී විකාශයක් ද සිදු කෙරේ.

නුවන් ජූඩ් ලියනගේ මහතා ප්‍රකට පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා සමග නෙත් එෆ් එම් ගුවන්විදුලියේ සහ යූටියුබ් නාලිකාව ඔස්සේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ වැඩසටහන් මාලාවක් “හිස්ටරි ටියුබ්” ලෙස නිෂ්පාදනය කර ඉදිරිපත් කරනු ලබන අතර රාජ් සෝමදේව මහාචාර්යවරයා විසින් මීමුරේ ගම්මානය ආශ්‍රිතව සිදුකරනු ලබන කැණීමකට අදාළව ඉහත වාර්තා චිත්‍රපටය නිපදවා තිබේ. මෙහි තිර රචනය ද මහාචාර්ය රාජ් සෝමදේවයන් විසින් ලියා ඇත.

මෙහිදී මහාචාර්ය රාජ් සෝමදේව සහ ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි යන මහත්වරුන් විසින් දෙසුම් පවත්වනු ලබන අතර චිත්‍රපටය ප්‍රදර්ශනය නොමිලේ සිදු කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment