සුද්දි වැඩ අරඹයි

4454

දරු සෙනෙහස හා පරිත්‍යාග වෙනුවෙන් ජීවිතය කැපකළ දිරිය කතකගේ නොමියෙන ජීවන වෘතාන්තය ඇතුළත් ‘සුද්දි’ සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. මෙය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍ය රංගන ශිල්පිනි, තිරපිටපත් රචිකාවියක් සහ අධ්‍යක්ෂවරියක් සහ නිෂපාදිකාවක් වන සංගීත විශාරද කුමාරි දසනායක විසිනි.

මෙහි සුද්දිගේ චරිතය නිරූපණය කරනු ලබන්නේ මේ දිනවල කොනිත්තලා නමැති ගීතයෙන් අතිශය ජනප්‍රියත්වට පත් වූ වින්දුලා ලංකේෂ්වරී විසිනි. ඊට අමතරව ජගත් චමිල, රොෂාන් රවීන්ද්‍ර, නෙතලි නානායක්කාර, උදයන්ති කුලතුංග, නිරෝෂන් විජේසිංහ, ටීනා වැන්ඩලන්, රයන් වැන්රෝන්, ශාන්ත ගාල්ලගේ, දිලිප් මනෝහාර ඇතුළු විශාල නළු නිළියන් රංගනයෙන් දායක වන අතර මෙහිදී සිනමාවට ළමා නළුවන් ලෙස අභිසෙස් තේවිජාන් සහ යුවේන් දේව්ශාන් රංගනයෙන් හඳුන්වාදීමට නියමිතය. සුද්දි සිනමා නිර්මාණය සඳහා වේෂ නිරූපණයෙන් හෙනර් ප්‍රේමරත්නද, සංගීත නිර්මාණයෙන් සරත් වික්‍රමද, කලා අධ්‍යක්ෂණයෙන් මනෝජ් වික්‍රමසිංහද කැමරාකරණයෙන් චතුරංග වික්‍රමසිංහද, ඇඳුම් නිර්මාණයෙන් බන්දුල වීරසේකරද, නිෂ්පාදන කළමණාකරණයෙන් ලාල් ලියනගේද සහාය අධ්‍යක්ෂණයෙන් චමින්ද උඩවෙලද සම්බන්ධවීමට නියමිතය. බළංගොඩ, කල්තොට, වේලිඔය, තංගල්ල, දොම්පේ යන ප්‍රදේශවල රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත ‘සුද්දි’ සිනමා නිර්මාණයේ කථාව සහ තිර රචනය වගේම ගීපද රචනාද සංගීත විශාරද කුමාරි දසනායකගෙනි. සෙන්රෝ ලංකා පුද්ගලික සමාගමේ නිෂ්පාදනයකි.

සුද්දි වැඩ අරඹයි
සුද්දි වැඩ අරඹයි
සුද්දි වැඩ අරඹයි

දිනේෂ්

advertistmentadvertistment
advertistmentadvertistment