EPF ETF වලට අත නොතබනු – වසන්ත සමරසිංහ

205

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට දමා ගනිමින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සේවක අරමුදල් 117 ක මුදල් අවභාවිතා කිරීමට රජය ගනු ලබන උත්සාහය වළක්වන ලෙස බලකර සිටිමින් වැඩ කරන ජනතාව සමග සටන් කරන බව අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (25 දා) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවති උද්ඝෝෂණකදී කීවේය.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් සේවක අර්ථසාධක අරමුදලට අත නොතබන ලෙස බලකරමින් වෘත්තීය සමිති එකමුතුව ඊයේ කොළඹදී දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර තිබුණු අතර ඊට එරෙහිව කොටුව පොලිසිය කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් කොටුව ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ඇතුළුවීම වළක්වාලමින් නියෝග ලබාගෙන තිබිණි. ඒ අනුව කොටුව දුම්රියපළ ඉදිරිපිටදී පැයක පමණ උද්ඝෝෂණයක නිරත වූ වෘත්තීය සමිති සාමාජිකයෝ පසුව විසිර ගියහ. මෙහිදී අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා මෙසේ කීවේය.

මේ රටේ වෘත්තීය සමිති සාමාජිකයන් අද පාරට බැහැලා කියන්නේ රනිල් – රාජපක්ෂ ආණ්ඩුව සිදුකරගෙන යන කොල්ලය වහාම නතර කරන ලෙසයි.

මහ බැංකු අධිපතිට අපි කියනවා මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි කොල්ල කන්න සීත කාමරවල ඉඳලා ගන්න තීරණ වහාම නවත්වන්න කියලා.

මෙහිදී අදහස් දැක්වූ ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා,

කෝකටත් තෛලය වගේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉදිරියට දාගෙන සේවක අරමුදල් කොල්ල කන්න ආණ්ඩුව සූදානම් වෙනවා. කම්කරු නීති වෙනුවට වහල් නීති ගේනවා. මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ අපි ආපසු හරවනවා. 2011 දීත් මේ වගේ අරමුදල් කොල්ලකන එක නැවැත්වූවේ අපි. මේ පාරත් නවත්වන්නේ අපි.

කමල් බෝගොඩ ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment