හමාස් ත්‍රස්තයෝ යුදෙව් ගමක දරුවන් 40ක් ඝාතනය කරති

906

දකුණු ඊශ්‍රායලයේ ෆාර් අසාර් යුදෙව් ගම්මානයට හමාස් ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයේදී බිලිඳුන් හා කුඩා දරුවන් 40 දෙනකු ඝාතනය වී තිබේ.

මේ දරුවන්ගේ බෙලි කපා ඝාතනය කර ඇති බව පැවසේ. මේ ගම්මානයට පසුගිය සෙනසුරාදා කඩාවැදුණු හමාස් අන්තවාදීන් 70 දෙනකු පමණ මෙම බිහිසුණු ඝාතනය සිදුකර ඇත.

පසුගිය අඟහරුවාදා දිනයේ මේ ප්‍රහාරයට ලක්වූ ගම්මානය වෙත ඊශ්‍රායල් රජය විසින් ජාත්‍යන්තර වාර්තාකරුවෝ රැගෙන යනු ලැබූහ. ඊශ්‍රායල් අගමැති බෙන්ඩමින් නෙතන්යාහු පවසන්නේ හමාස් ත්‍රස්තයන් විසින් සිවිල් වැසියන් පණපිටින් පුළුස්සා මරා දමා ඇති බවයි.

මේ ගම්මානයට එල්ල වූ ප්‍රහාරයෙන් කොපමණ පිරිසක් මියගියා ද යන්න මෙතෙක් නිල වශයෙන් හෙළිකර නැත.

ගාසා තීරයේ සිට කිලෝමීටර් 03ක් ඈතින් මෙම ගම්මානය පිහිටා තිබේ.

ප්‍රහාරයට පෙර මෙහි 400 දෙනකු වාසය කර ඇත.

මෙම ගම්මානය යළි අත්පත් කරගැනීමට ඊශ්‍රායල් ආරක්‍ෂක අංශවලට දින දෙකක් ගතවී තිබේ.

හමාස් ත්‍රස්තයන් නිවසින් නිවසට කාමරයෙන් කාමරයට ගොස් සිවිල් වැසියන් එකිනෙකා මරා දමා ඇති බව ඊශ්‍රායල හමුදාව කියයි.

සේයාරුවේ දැක්වෙන්නේ මේ ගම්මානයට පහරදීමට හමාස් ත්‍රස්තයන් පැමිණි ආකාරයයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment