ජී.එල්. ලාට පොහොට්ටුවෙන් විනය ක්‍රියා

79

පක්‍ෂය හැරගිය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඇතුළු සියලු දෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී එම පක්‍ෂයට එරෙහිව කටයුතු කරමින් වෙනත් පක්‍ෂ ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගෙන මන්ත්‍රී ධුරය පවා අහිමි කිරීමට කටයුතු කිරීමට ඉඩ ඇති බව සඳහන් කරමින් එම මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යොමු කර ඇති බවත් වාර්තාවේ. ඉදිරි පළාත් පාලන මැතිවරණයට වෙනත් පක්‍ෂවලින් නාමයෝජනා භාරදී ඇති මන්ත්‍රීවරුන් 20 දෙනකු පමණ පක්‍ෂයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් නෙරපා දැමීමට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇති බව වාර්තා වේ.

එරික් ගාමිණී ජිනප්‍රිය

advertistmentadvertistment
advertistmentadvertistment