කොරෝනා යළි මතුවී මිලියන හතරක් සිටින චීනයේ ලැන්ෂු නගරය මුළුමනින්ම වසා දමයි

260

කොරෝනා වසංගතය යළි මතුවීම නිසා මිලියන 4ක් වාසය කරන චීනයේ විශාලතම නගරයක් වසාදමා ඇත. 39කට කොරෝනා ආසාදනය වී ඇතැයි චීන බලධාරීන් සොයාගෙන තිබේ.

මෙලෙස මුළුමනින්ම වසා දමා ඇත්තේ ලැන්ෂු නගරයයි. ලැන්ෂු නගරයේ ජනතාව නිවාසවලට වී සිටින ලෙස රජය නියෝගකර ඇත. නගරයේ බස් සහ කුලී රථ සේවාව ද නතරකර තිබේ. චීනයේ බෙයිජිං සිට ලැන්ෂු වෙත එන ගුවන්යානා ද අත්හිටුවා තිබේ. මේ අතර සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ ඉදිරි දිනවල ආසාදිත වූවන්ගේ වර්ධනයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment