පාතාලයන් ගෙන්වා ගන්න ඉන්දියාව සමග සාකච්ඡා කරනවා – ඇමැති අලි සබ්රි කියයි

155

ඉන්දීය පොලිසිය භාරයේ රඳවා ගෙන සිටින කිඹුලාඇළේ ගුණා ඇතුළු නවදෙනාගේ පාතාල කල්ලිය ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රශ්න පිළිබඳව ඉන්දීය ආණ්ඩුව සමග සාකච්ඡා කරගෙන යන බව විදේශ ඇමැති අල් සබ්රි මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම කල්ලිය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බවට තරයේම විශ්වාස කරන බව ද අලි සබ්රි මහතා කීවේය.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ නොවී ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය සැපයීමට ඔවුන්ට හැකියාවක් නැතැයි කී අලි සබ්රි මහතා ශ්‍රී ලංකා ආණ්ඩුව කළ ඉල්ලීමකට කන්දෙමින් මෙසේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කිරීම ගැන ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දීය රජයට පැසසුම් කළ බව ද කීවේය.

කෙසේ වෙතත් නීතිමය ඉඩකඩ අනුව එම සැකකරුවන් මෙහි ගෙන්වා ගැනීමට බලාපොරොත්තුවක් තිබෙන බව ද හෙතෙම කීවේය.
නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment