ජනවාරි මස උද්ධමනය 7%කින් ඉහළ යා හැකියි – මහ බැංකුව කියයි

71

මේ මාසය තුළදී උද්ධමනය සියයට 7 ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

වැට් බදු වැඩිවීම සහ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සැපයුම් අංශයට සිදුවූ බලපෑම් හේතුවෙන් මෙසේ උද්ධමනය ජනවාරි මාසයේදී ඉහළ යනු ඇතැයි මහ බැංකු අධිපතිවරයා ඊයේ (23 දා) මහ බැංකු මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

කෙටිකාලීනව ඇතිවූ කාලගුණික තත්ත්වයන් මේ වනවිට ස්ථාවර වෙමින් පවතින බැවින් එම උද්ධමනය වැඩිවීම තාවකාලික වැඩිවීමක් පමණක් බව ද දිගුකාලීනව මහ බැංකුව අපේක්ෂා කරන ඉලක්කය වන සියයට 5 ක මට්ටමේ (එනම් සියයට 4 – 6 පරාසය තුළ) තබා ගැනීමට හැකිවනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.

ඉකුත් දෙසැම්බර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය සියයට 4.2 ක් විය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment