ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) හි විකුණුම් බලකාය විසින් අලු‍ත් අවුරුදු නැකත් පත්‍රය සමගින් ජිවිත රක්ෂණයක වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දිවයින පුරා පවත්වන ලදී.

සියලු‍ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) ශාඛාවන්හි කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ආයතනික කළමනාකාරිත්වය සමඟ ජිවිත රක්ෂණ උපදේශක උපදේශිකාවන් සම්බන්ධ කර ගනිමින් මෙම විශේෂ වැඩසටහන අප්‍රේල් 6 වන දිනය පුරාම පවත්වන ලදී.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නිරතුරුවම ජීවිත ආරක්ෂා කිරීමට, ප්‍රජාවන් සවිබල ගැන්වීමට සහ සමස්ත සමාජයේ යහපැවැත්මට දායක වීමට කැපවී සිටී. නවෝත්පාදනයන් සමඟ නිරන්තරයෙන් වෙනස් වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම පාරිභෝගිකයන් සඳහා විවිධ රක්ෂණ සැලසුම් හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) හි විකුණුම් බලකාය විවිධ ප්‍රජාවන්ට ආරක්ෂාව පිළිබඳ පණිවිඩය ලබා දෙමින් සාර්ථකව මෙම වැඩසටහන අවසන් කරන ලදී.

advertistmentadvertistment
advertistmentadvertistment