බඩු මිල මාරයි – කාල හමාරයි – පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට සිවිල් සංවිධාන පෙරමුණෙන් විරෝධතා

35

වසර පහක් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ගවලට ස්ථාවර මිලක් ලබා දෙන ලෙසට බල කරමින් ජාතික සිවිල් සංවිධාන පෙරමුණේ සාමාජිකයෝ පිරිසක් පාරිභෝගික අධිකාරිය ඉදිරිපිට ඊයේ සවස විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

‘බඩු මිල මාරයි- කාලා හමාරයි’, ‘ලූනු කෑවද දැන් සැපද’, ‘කොමිස් ඇමැති ගෙදර යවමු’, ‘දරුවන් මන්දපෝෂණයේ -පාලකයෝ අධිපෝෂණයේ’, ‘ පාරිභෝගික අයිතිය තහවුරු කරනු’, වැනි සටන් පාට පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු මෙම විරෝධතාවයේ නිරත වූහ. ඊයේට යෙදුණු පාරිභෝගික දිනය නිමිති කර ගෙන ද මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.

ඡායාරූප- කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment