කාන්තා ළමා හිංසකයින්ට දඩුවම් දෙන්න

324

කාන්තාවන් මෙන්ම දුවාදරුවන්ද සුරක්‍ෂිත කිරීමටත් ඔවුනට එරෙහිව කටයුතු කරන්නන්ට දැඩි දඬුවම් පැමිණවීමටත් කිසිවිටෙක පසුබට නොවිය යුතු බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය පෙනී සිටින බවද මේ රටේ දරුවන්ට ඉගෙන ගැනීමට ඇති අවස්ථා අහිමි කිරීමට තම පක්‍ෂය කිසිවිටක ඉඩනොදෙන බවද පේ‍්‍රමදාස මහතා කීය.

ආණ්ඩුවේ කි‍්‍රයාමාර්ගවලට විරෝධය පළකරමින් උතුරු කොළඹ ඉඟුරුකඬේ හන්දියේ සිට අලූත්කඬේ හන්දිය දක්වා පෙරේදා පැවැති ජනතා පාගමනට එක්වෙමින් ඔහු මේ බව පළකළේය. පූජ්‍ය මතුරට ධම්මාලංකාර නාහිමිපාණන්ද විපක්‍ෂයේ මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකු ඇතුළු පිරිසක්ද ඊට එක්ව සිටියහ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment