‘බඩගින්නේ ඉන්න අය ක්‍රිකට් බලන්න ඕනෑ නෑ’

583

කේරළ ක්‍රීඩා ඇමැතිගේ ප්‍රකාශයෙන් ඉන්දියාව හොල්මන් වෙයි !

කුසගින්නේ සිටින අය ක්‍රිකට් තරග නැරඹීමට යා යුතු නැති බව පවසමින් කේරළ ප්‍රාන්තයේ ක්‍රීඩා ඇමැති වී අබ්දුරහිවනන් කළ ප්‍රකාශයෙන් පිළිබඳව ඉන්දියාවේ මහත් ආන්දෝලනයක් ඇතිව තිබේ.

කේරළ ක්‍රීඩා ඇමැතිවරයා මේ ප්‍රකාශය කර ඇත්තේ තිරුවානන්දපුරම්හි පැවැත්වෙන ශ්‍රී ලංකා ඉන්දියා සීමිත ඕවර් තරගයේ ටිකට් පත්වල මිල ඉතා අධිකවීමේ හේතුව කුමක් දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේය.

මෙම ප්‍රවේශපත්‍රවල මිලට එකතු කරන විනෝද බද්ද ඉහළ දැමීම නිසා මේ වනවිට ප්‍රවේශපත්‍රවල මිල අධිකවී ඇත.
කෙසේ නමුත් මේ ප්‍රකාශය කේරළයේ විපක්‍ෂ කණ්ඩායම්වල දැඩි විවේචනයට ලක්ව තිබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment