සමාගමක් ගෙන්වූ කෝටි 52 ක නැව කූට ලේඛන හදා අයිති කර ගැනීමේ තැතක්

570

ධීවර කටයුතු සඳහා විදේශ ආයෝජන සමාගමක් විසින් මෙරටට ගෙන්වා වසර දෙකකට ආසන්න කාලයක් මෝදර වරායේ නැංගුරම් ලා තිබෙන රුපියල් කෝටි 52ක් පමණ වටිනා ඇස්ටන්2 (ASTAN2) නම් නෞකාව කූට ලේඛන යොදාගෙන අයිතිකර ගැනීමේ උත්සාහයක් පිළිබඳව නෞකාව අයත් සී මැක්ස් සමාගම විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිලිකර ඇත.

ඉහළ පෙළේ විශ‍්‍රාමික නාවික නිලධාරියකු සහ ප‍්‍රකට ව්‍යාපාරිකයකු විසින් නීතිඥවරු කිහිප දෙනකුගේ සහාය ඇතිව සිදු කරන මෙම ක‍්‍රියාව සඳහා ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ද අවභාවිත කරන බව ද වාර්තා වේ.

2019 වසරේ මැයි මාසයේදී ශ‍්‍රී ලංකාවට පැමිණි මෙම නෞකාව 2020 වසරේ පෙබරවාරි මාසයේදී ශ‍්‍රී ලංකා ධජය යටතේ ලියාපදිංචිකර මෝදර වරායේ නැංගුරම් ලා තිබේ. පැහැර ගැනීමට විදේශිකයන් දෙදෙනකු ද මූලික වී කටයුතු කරන බවට වාර්තා වේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සන ව්‍යාජ ලෙස යොදා ගනිමින් කූට ලේඛන සකස්කර ඔවුන් මෙම කටයුතු සිදු කරන බවත් වසර එකහමාරකට ආසන්න කාලයක් පුරා සිදුවන මෙම ක‍්‍රියාව හේතුවෙන් පීඩාවට පත් නැව අයත් සමාගම ව්‍යාපාර නතර කරන තත්ත්වයට පත්ව ඇති බවත් වාර්තා වේ.

අදාළ නැව සඳහා කූට ලේඛන සකස් කළ ඔවුන් නැවට තම අයිතිවාසිකම් කීම සඳහා එම ව්‍යාජ ලේඛන කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර ඇතත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තමා නිකත් කළ බව දැක්වෙන ලේඛනය කූට ලේඛනයක් බවට තහවුරු කර ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment