ඡන්දය අත්හිටුවීමට ඉල්ලන පෙත්සම තැපැල් ඡන්දයට පෙර විභාගයට ගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

75

ඉදිරි පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 22 වැනිදා ආරම්භ කිරීමට නියමිත බැවින් එම මැතිවරණය පැවැත්වීම අත්හිටුවන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම එදිනට පෙර කැඳවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනුකර තිබේ.

විශ්‍රාමික කර්නල්වරයකු වන ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ රිට් ආඥා පෙත්සම ලබන 23 වැනිදා කැඳවීමට, එස්. තුරෙයිරාජා, ඒ. එම්. එම්. ඩී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල පසුගිය 10 වැනිදා නියෝග කොට තිබිණි.

එබැවින් එම රිට් ආඥා පෙත්සම ලබන 17, 20 හෝ 21 වැනි දිනවල කැඳවන ලෙස පෙත්සම්කරු සිය නීතිඥවරුන් මගින් ගොනු කළ එම මෝසම් පත්‍රය (යොමුපත) මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment