දැවැන්ත වළසකු සොයා කැලිෆෝර්නියා පොලිසියෙන් මෙහෙයුමක්

602

ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆොර්නියා ප‍්‍රාන්තයේ නිවෙස්වලට කඩා වැදී ආහාර සොරකම් කරන ‘හෑන්ක් ද ටැන්ක්’ නමැති රාත්තල් 500ක් පමණ බරැුති කළු වළසෙකු කොටු කරගැනීමට කැලිෆෝර්නියා පොලිසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.

 කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ සවුත් ලේක් ටහෝ නමැති ප‍්‍රදේශයේ ‘ටහෝ කීස්’ ග‍්‍රාමයේ වීථිවල පිහිටි නිවෙස්වලට බලහත්කාරයෙන් ඇතුළු වී ආහාර සොරාගැනීම හා දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් මෙම දැවැන්ත කළු වළසා අවශ්‍යව ඇති බව කැලිෆෝර්නියා පොලිසිය විසින් නිවේදනය කර තිබේ. ගත වූ මාස හතක කාලය තුළදී මෙම වළසා ටහෝ කීස් ග‍්‍රාමයේ පිහිටි නිවාස 28කට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බවට පැමිණිලි ලැබී ඇති අතර තවත් නිවාස ඇතුළු දේපළ 33කට හානි සිදු කර ඇති බවට කැලිෆෝර්නියා ප‍්‍රාන්තයේ මත්ස්‍ය හා වන ජීවී දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රකාශ කර තිබේ.

 මෙම වළසා අගුලූ දමා ඇති නිවෙස්වල ඉදිරිපස දොරටුව කැඞීමෙන් මෙන්ම පසුපස දොරටුවලින් නිවෙස්වලට ඇතුළු වී කසළ බඳුන්වල තිබූ ඉවත ලූ ආහාර පවා සිය ආහාරය සඳහා ලබාගෙන ඇති බව වාර්තා වී තිබේ. රාත්තල් 500ක් හෙවත් කිලෝ ග‍්‍රෑම් 227ක් බරැුති මෙම කළු වළසා මෙසේ නිවෙස්වලට කඩා වැදී ඇත්තේ ඔහුට ආහාර සපයා ගැනීම අසීරුවීම නිසා බව හෙළි වී තිබේ. මෙම වළසා සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි 100ක් පමණ ලැබී ඇතත් මෙතෙක් ඔහු මිනිසුන්ට හා නිවෙස්වල ඇති දැඩි කරන සුරතල් සතුන්ට පහර දුන් බවට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment