ශ්‍රී ලංකාවේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයට ඒම තවත් පමා වෙයි

738

ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ප්‍රමාද වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

අපේක්ෂිත මට්ටමට වඩා අඩු විදේශීය ඉල්ලුම සහ ගෝලීය සැපයුම් දාම ආශ්‍රිත ගැටලු අඛණ්ඩව පැවතීම හමුවේ මෙසේ ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වීම ප්‍රමාද වීමේ අවදානමක් පවතී. කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම සහ ප්‍රමාණවත් මූල්‍ය වෙන් කිරීම් සිදු කරමින් සමාජ ආරක්ෂණ ජාල ක්‍රියාවට නැංවීම හරහා ආර්ථික කම්පන හමුවේ පුද්ගලයන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනැංවෙන අතර, ඔවුන්ට ආර්ථික සවිබලගැන්වීම සඳහා හා තිරසාර සංවර්ධනය සඳහා අවස්ථා නිර්මාණය කරමින්, මැදිකාලීනව සැමට ප්‍රතිලාභ හිමිවන ආර්ථික වර්ධනයක් ප්‍රවර්ධනය කරනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක කර නොමැති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා රජය ප්‍රමුඛ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අප්‍රතිහත කැපවීම මත ආර්ථිකයේ යථා තත්ත්වයට පත්වීම සහ වර්ධනය වීම රඳා පවතින බවත් ආර්ථිකයේ විභවතාව ළඟාකර ගැනීම සහ ජනගහනයේ සියලුම කාණ්ඩවලට වර්ධනයේ ප්‍රතිලාභ තිරසාරව හා සමානව බෙදී යෑම සඳහා මඟ පැදීමේ දී, ප්‍රතිපත්තිවල අඛණ්ඩතාව සහ නිශ්චිතභාවය වඩාත් තීරණාත්මක වනු ඇති බවත් මහ බැංකුව නිකුත් කළ නවතම වාර්ෂික වාර්තාවේ (2022) තවදුරටත් සඳහන් වෙයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment