ඡන්ද හැලිල්ලට සජබ නෑ

139

මේ මොහොතේ කිසිදු මැතිවරණයක් කල් තැබීමට සමගි ජන බලවේගය කිසි ලෙසකින්වත් අනුමැතිය ලබා නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

ඊට අමතරව පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අහෝසි කිරීම, ඡන්ද ක්‍රමය හදිසියේම වෙනස් කිරීම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, ජනමත විචාරණවලට යෑම, විධායක අගමැතිවරයකු පත් කිරීම වැනි කාරණා ද කිසි ලෙසකින්වත් අනුමත නොකරන බව ද ඒ මහතා සඳහන් කරයි.

ඒ වෙනුවට කළ යුතුව ඇත්තේ වහා කුමන මැතිවරණයක් හෝ පවත්වා නව ජන මතය කෙබඳු දැයි විමසීම බව ද ඔහු පවසයි. ඉන් අනතුරුව ඇති කරනු ලබන නව පාලනයක් තුළින් විධිමත් පරිදි අවශ්‍ය මැතිවරණ සංශෝධන සිදු කළ හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment