ඇමැති ටිරාන්ගෙන් ‘119’ට අලුත් පණක්

189

පොලිස් දෙපාර්තමේන්තුවේ 119 පණිවුඩ සේවාව නව තාක්‍ෂණයෙන් යුතුව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා සිය අමාත්‍යාංශයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා ඊයේ (4දා) උපදෙස් දුන්නේය.

119 හදිසි ඇමතුම් අංකයෙන් මහජනතාවට විශාල සේවයක් සිදුවෙන අතර පැමිණිල්ල ලද සැණෙන් ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක වීමට නව තාක්‍ෂණ ක්‍රමවේද උපයෝගීකර ගැනීමට මෙහිදී සාකච්ඡා කර ඇත.

පැමිණිලිකරු කිසිදු ප්‍රමාදයකට ලක්නොකර පැමිණිල්ල ලැබුණු අවස්ථාවේදීම භාරගන්නා ලෙස මහජන ආරක්‍ෂක ඇමැතිවරයා පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment