අද සිට සෞඛ්‍ය මාර්ගෝපදේශ… පෝරුවේ නගින්න අද සිට අවසර.. උත්සවයට 50 දෙනයි

139

මළ ගෙදරකට 15 යි
අවන්හල්වල මත්පැන් බීම තහනම්
රැස්වීමකටත් උපරිම 50 යි
සිනමා ශාලා වැසෙයි
පෙර පාසල් ධාරිතාවයෙන් 50% යි
ටියුෂන් බෑ
ජිම්වල සිටිය හැක්කේ 10 යි
ආගමික ස්ථානවල සාමූහික කි‍්‍රයාකාරකම්වලට අවසර නෑ

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් අනතුරුව පැනවූ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවට අනුව යම් යම් සීමාවන්ට යටත්ව විවාහ මංගල උත්සව පැවැත්වීමට අද (16 දා) සිට අවසර හිමිවෙයි.

මංගල උත්සව ශාලාවට ඇතුළු කරගත හැකි පුද්ගලයන් ගණනින් එහි ධාරිතාවය සියයට 25 ක් වන ආකාරයට උපරිම පුද්ගලයන් 50 කට පමණක් සීමා කරමින් විවාහ උත්සව පැවැත්වීමට අවසර ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙයි.

මේ අතර අවමංගල්‍ය අවස්ථාවකදී එක් වරකදී සහභාගි විය හැකි උපරිම පුද්ගලයන් ගණන 15 දක්වා ඉහළ නංවා ඇත.

අවන්හල්වල ආසන ධාරිතාවයෙන් සියයට 30 ක් පිරෙන ආකාරයට ගනුදෙනුකරුවන් ඇතුළත් කර ගැනීමේ හැකියාව පවතින අතර මත්පැන් භාවිතය තහනම් බවද එහි සඳහන් වෙයි.

තවද රැස්වීම්, වැඩමුළු, සම්මන්ත‍්‍රණ ආදිය ද පැවැත්වෙන ස්ථානයේ ඉඩ ප‍්‍රමාණයෙන් සියයට 25 ක් පිරෙනසේ උපරිම 50 දෙනකුගේ සහභාගිත්වයෙන් සිදුකළ හැකිය.

සිනමා ශාලා තවදුරටත් වසා තැබෙනු ඇත. ව්‍යායාම් ශාලාවල ඕනෑම විටක සිටිය හැක්කේ ගනුදෙනුකරුවන් 10 දෙනකු වන අතර එක ළඟ ඇති උපකරණ එකවර භාවිතා නොකළ යුතුය.

ඇවිදින මංතීරු සඳහා වෙරළ තිර විවෘතය. පන්සල්, පල්ලි, කෝවිල් ආදී පූජනීය ස්ථානවල සාමූහික කි‍්‍රයාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර නැත. උපකාරක පංති, ප‍්‍රදර්ශන, සම්මේලන සඳහා අවසර නැත.

දිවා සුරැුකුම් මධ්‍යස්ථාන විවෘතය. පෙර පාසල් පැමිණෙන ළමුන් ගණනින් සියයට 50 ක ධාරිතාවයෙන් කි‍්‍රයාත්මක විය යුතුය. ඕනෑම වේලාවක සියයට 50 ක ධාරිතාවයෙන් වෘත්තීය පුහුණු ආයතන කි‍්‍රයාත්මක විය හැක.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment