එංගලන්තයේ ඉඳන් ආපු යාපනයේ තරුණිය ගල්කිස්සේ මහල් ගොඩනැඟිල්ලකින් ඇද වැටී මැරිලා – සැකපිට පෙම්වතා අත්අඩංගුවට

1150

මුහුණු පොත හරහා හඳුනාගත් බව කියන මෙරට තරුණයකුගේ ආරාධනයකට අනුව පැමිණ ගල්කිස්ස අල්විස් පෙදෙසේ ඕලුවිෂන් නිවාස සංකීර්ණයේ නිවසක තාවකාලිකව නැවතී සිටි එංගලන්ත පුරවැසිභාවය සහිත යාපනය පදිංචි තරුණියක එහි 13 වැනි මහලෙන් බිමට වැටී මරුමුවට පත්වී ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ සින්නයියා අලගේෂ්වරන් නමැති 27 හැවිරිදි තරුණියක් බව පොලිසිය කියයි.

එංගලන්තයේ ඉඳන් ආපු යාපනයේ තරුණිය ගල්කිස්සේ මහල් ගොඩනැඟිල්ලකින් ඇද වැටී මැරිලා - සැකපිට පෙම්වතා අත්අඩංගුවට

මෙම තරුණිය ඊයේ (10 වැනිදා) එංගලන්තය බලා යෑමට සිට ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

මෙම සිද්ධිය පෙරේදා (09 වැනිදා) අලුයම 2.00 ට පමණ සිදු වී ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මියගිය තරුණිය සමඟ මුහුණු පොත හරහා හඳුනාගත් බව කියන 29 හැවිරිදි තරුණයා සැකපිට පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසයි.

මෙම තරුණිය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි නීති ශිෂ්‍යයකු හඳුනාගෙන ඇති අතර පසුව දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් ආරම්භ කර තිබේ.

එංගලන්තයේ ඉඳන් ආපු යාපනයේ තරුණිය ගල්කිස්සේ මහල් ගොඩනැඟිල්ලකින් ඇද වැටී මැරිලා - සැකපිට පෙම්වතා අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා වෙන් කරවාගන්නා ලද ගල්කිස්ස අදාළ නිවස කුලියට ගෙන ඇති අතර, අනතුරුව ඇය අප්‍රේල් මාසයේදී මෙරටට පැමිණ අදාළ නිවසේ නැවතී සිට ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.

10 වැනිදා ඇය නැවත එංගලන්තය බලා යෑමට සූදානමින් සිටියදී දෙදෙනා අතර පෙරේදා අලුයම බහින්බස්වීමක් සිදු වී ඇත. ඉන් පසු ඇය මෙම නිවාස සංකීර්ණයෙන් බිමට වැටී ඇතැයි හෙළි වූ බව පොලිසිය පවසයි.

එංගලන්තයේ ඉඳන් ආපු යාපනයේ තරුණිය ගල්කිස්සේ මහල් ගොඩනැඟිල්ලකින් ඇද වැටී මැරිලා - සැකපිට පෙම්වතා අත්අඩංගුවට

ගල්කිස්ස වැඩබලන මහෙස්ත්‍රාත් රත්නා ගමගේ මහත්මිය සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සිදු කළාය.

මෙම තරුණිය නිවාස සංකීර්ණයෙන් බිමට ඇදවැටුණාද?, එසේත් නොමැති නම් ඇය බිමට පැන්නාද?, එසේත් නොමැති නම් කිසිවකු ඇයව තල්ලු කළාද යන්න සම්බන්ධයෙන් පැති කීපයක් ඔස්සේ පරීක්‍ෂණ සිදුකරති.

මේ පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක දිලීප පෙරේරා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක අලහකෝන් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති. මියගිය තරුණියගේ දේහය කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ තබා තිබිණි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ එස්. පී. ආරියරත්න – රත්මලාන

advertistmentadvertistment
advertistmentadvertistment