මෛත්‍රී පැජට් පාරේ  නිවසින් යයි

947

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙතෙක් පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවසින් ඉවත්ව ගොස් තිබේ.

ඒ මහතා ජනාධිපති ධුරයේ සිටියදී පැජට් පාරේ පිහිටි මෙම නිවස සිය නිල නිවස වශයෙන් භාවිත කළ අතර ඔහු විශ්‍රාම ගැනීමෙන් පසුවද කැබිනට් අනුමැතියක් මත එම නිවස තමන් වෙත පවරාගෙන එහි පදිංචිව සිටියේය. කෙසේ වෙතත් ඇමැති මණ්ඩල තීරණය අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාට පැජට් පාරේ නිවස පවරා දීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව සඳහන් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබූ අතර එය විභාගයට ගත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

පැජට් පාරේ නිවසින් ඉවත්ව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි නිල නිවසේ පදිංචියට ගොස් ඇත.

සමන් ගමගේ
 

advertistmentadvertistment
advertistmentadvertistment