ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියලා මන්ත්‍රීලා අයින් කරන්න බැහැ – ඩයනාගෙන් අභියෝගයක්

468

පුළුවන්නම් ලැයිස්තුව පෙන්වන්න –

“අවුරුදු පහක ජනවරමකින් පාර්ලිමේන්තුවට ආව මන්ත්‍රීවරයෙක් ද්විත්ව පුරවැසිභාවය තියෙනවා කියලා අයින් කරන්න බැහැ. මම ඔය කෑගහන මන්ත්‍රීලට කියනවා පුළුවන්නම් ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීලගෙ ලැයිස්තුව ඉදිරිපත් කරන්න” යැයි සංචාරක කටයුතු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ‘දිවයින’ට ඊයේ (25 දා) පැවසුවාය. විපක්ෂයේ අය කෑගහනවා ද්විත්ව පුරවැසිභාවය තියෙන මන්ත්‍රීලා දහයක් ඉන්නවා, පහළොවක් ඉන්නවා කියලා. මම ඒ අයට අභියෝග කරනවා පුළුවන්නම් එහෙම අය අයින් කරලා පෙන්වන්න කියලා.

ඒගොල්ලො බොරුවට මාධ්‍ය සංදර්ශන තියලා ලකුණු දාගන්න හදනවා. වැඩක් කරන අයට කරන්න දෙන්නෙ නැහැ. එක එක ප්‍රශ්න ඇති කරනවා යැයි ද ඩයනා ගමගේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය ඇමැතිවරිය මෙසේ ද පැවසුවාය. ලෝකෙ එකම රටයි තියෙන්නෙ ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කරන්න බැරි. ඒ ඔස්ට්‍රේලියාව. අනෙක් ඕනේම රටක පුළුවන් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු යන්න. අපි පාර්ලිමේන්තු ආවෙ වසර 5 ක් මන්ත්‍රීකමේ ඉන්න. එහෙම ජනවරමකින් ආව මන්ත්‍රීවරයෙක් ද්විත්ව පුරවැසිභාවය තිබෙන බව කියමින් ඉවත් කරන්න බැහැ.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment