සමස්ත ලංකා මේස පන්දු ජයග්‍රහණ දෙකක් හිමිකරගත් අක්කයි නංගියි

69

බස්නාහිර පළාත් මේස පන්දු සංගමය විසින් සංවිධානය කළ 2023 වසර සමස්ත ලංකා මේස පන්දු තරගාවලියේ වයස අවුරුදු 15න් පහළ බාලිකා ඉසව්වේ ශූරතාවය ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ෂමල්ෂා දෙව්මි සහ වයස අවුරුදු 11න් පහළ බාලිකා ඉසව්වේ දෙවැනි ස්ථානය ඇයගේ නැගණිය වන ශෙනෙලා ෂශින්ද්‍රි ද දිනාගනු ලැබූහ.

මෙම තරග ඉකුත් මස 23 සහ 25 වැනිදා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ෂමල්ෂා එම වයස් කාණ්ඩයෙන් දිවයිනේ පළමු ස්ථානයට ශ්‍රේණිගතව සිටින ක්‍රීඩිකාව වන අතර ශෙනෙලා එම වයස් කාණ්ඩයෙන් දිවයිනේ 03 වැනි ස්ථානයට ශ්‍රේණිගතව සිටින ක්‍රීඩිකාවවේ.

advertistmentadvertistment
advertistmentadvertistment