කොඩි කරල SPC ගේන්න ජනපති උපදෙස්‌

382

කොවිඞ් ආසාදිතයන් සඳහා බි‍්‍රතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් භාවිතා කරන මොල්නුපිරවීර් කැප්සුලය (Molnupiravir Capsule) කොවිඞ් එන්නත ගෙන්වූ ආකාරයටම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මෙරටට ගෙන්වීමට රජය තීරණය කර ඇත.

ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට පෙරේදා (26 දා) කොවිඞ් මර්දන විශේෂ කමිටුව රැස්වූ අවස්ථාවේ දී දැනුම් දුන්නේය. එසේම කොරෝනා මර්දන එන්නත් දෙවැනි මාත‍්‍රාව ලැබ මාස තුන ඉක්ම වූ වයස අවුරුදු 60ට වැඩි සියලූ දෙනාට ජංගම සේවා මගින් අධි මාත‍්‍රාව (Booster) ලබාදීමට කටයුතු කරන්නැයි ද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. රෝහල් වෛද්‍ය සායන සඳහා පැමිණෙන වයස අවුරුදු 60 ඉක්ම වූ සියලූ දෙනාට ද එම සායන තුළදී අධි මාත‍්‍රා එන්නත ලබාදීමට ද තීරණය කෙරිණි.

කොරෝනා මර්දන දෙවන එන්නත් මාත‍්‍රාව ලැබ මාසයක් ඉක්ම වූ වයස අවුරුදු 20ට වැඩි බෝනොවන රෝගවලින් පෙළෙන සියලූ දෙනාට ද තුන්වැනි මාත‍්‍රාව ලබා දීමට තීරණය විය. ඒ අනුව පිළිකා රෝගීන්, පිළිකා රෝග සඳහා ප‍්‍රතිකාර ලබන්නන්, අවයව බද්ධ කළ රෝගීන්, රුධිර කාන්දුකරණ රෝගීන්, බෝනොවන රෝගයක් හේතුවෙන් ප‍්‍රතිශක්තිකරණය අඩු සියලූ දෙනාට විශේෂඥ වෛද්‍ය නිර්දේශ මත එන්නතේ තුන්වන මාත‍්‍රාව ලබාදීම සිදු කෙරේ.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment