මරදන්කඩවල අනතුරින් රුසියානු යුවළකට තුවාල

31

සිසුහු දෙදෙනකුත් රෝහලේ

මරදන්කඩවල වනමල්උයන ප්‍රදේශයේදී ඊයේ (14දා) පස්වරුවේ පාසල් සිසුන් දෙදෙනකු පාර හරහා මාරුවීමේදී යතුරුපැදියක ගැටී ඇත. එම යතුරුපැදියේ ගමන් ගත් රුසියානු ජාතික තරුණ යුවළක් තුවාල ලබා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව මරදන්කඩවල පොලිසිය කියයි.

නුවර සිට යාපනය බලා රුසියානු යුවළ යතුරු පැදියකින් ධාවනය කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්වී ඇත. අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් දෙදෙනා මරදන්කඩවල දම්පැලැස්සාගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කීය.

අනතුරට පත් දරුවන් දෙදෙනා හා රුසියානු ජාතික යුවළ ඊයේ සවස් වනවිටත්, මරදන්කඩවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ. මරදන්කඩවල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

තිරප්පනේ – සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment