ස්ටැන්ලි ජයසිංහට සුලෝහිත සංග්‍රාමය නැරැඹීමට ආරාධනා

557

ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙකු වන ස්ටැන්ලි ජයසිංහ මහතාට එළඹෙන මාර්තු 2 සහ 3 දෙදින පැවැත්වෙන ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය නැරඹීමට පැමිණෙන ලෙස නිල වශයෙන් ආරාධනා කර ඇත.

ස්ටැන්ලි ජයසිංහ මහතා 1951 වර්ෂයේදී නාලන්දා විද්‍යාලයීය කණ්ඩායම් නායකත්වය දරා තිබෙන අතර ඔහු මේ වන විට සුලෝහිත සංග්‍රාමයට ක්‍රීඩා කළ ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයාද වේ.

එංගලන්තයේ ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කළ පළමු ආසියාතිකයා වූ ඔහු පළමු පෙළ තරග 144දී ශතක 10ක් සමගින් ලකුණු 6811ක් ලබා ගෙන ඇත.

ක්‍රිකට් පුහුණුකරුවකු මෙන්ම තණතීරු සකස් කරන්නකු ලෙසද කටයුතු කර තිබෙන ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවකු වශයෙන්ද 1991 වර්ෂයේදී කටයුතු කොට තිබේ. ජයසිංහ මහතාට එම ආරාධනාව සිදුකරන කරන අවස්ථාව සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ගගන් බුලත්සිංහල, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති උපාලි ධර්මදාස ඇතුළු පිරිසක් සහභාගි වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment