මහ බැංකුව ඩොලර් බිලියන 2 ක් මිලට ගනී

2999

මේ වසරේ (2023) ජනවාරි සිට ජූලි දක්වා කාලයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2 කට වැඩි මුදලක් මිලදී ගෙන ඇත.

මේ අනුව ඉකුත් ජූලි මස අග වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතු මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ගිය වසරේ (2022) ජූලි මස අග වනවිට පැවැති මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.8 ක් විය. ඒ අනුව පසුගිය වසරක කාලයේදී විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකකින් පමණ වර්ධනය කර ගැනීමට මහ බැංකුව සමත්වී ඇත. චීන මහජන බැංකුවෙන් ලද ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක විදේශ විනිමය හුවමාරු පහසුකමද මෙයට ඇතුළත් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment