ගරුත්වයක් සහ ශක්තියක් ඇතිව කඳුරට කම්කරු ජනතාවට ජීවත් වීමේ අයිතිය හිමිවිය යුතුයි

43

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වතු කම්කරු 200 වැනි සංවත්සරය සමරමින් නුවරඑළියදී කියයි

උඩරට කඳුරට කම්කරු ජනතාවට ලැබිය යුතු නිසි ගරුත්වය සහ ස්ථාවර ශක්තිය ලැබී නොමැති බවත් එබැවින් අනාගත සමගි ජන බලවේග රජයක් තුළ ඔවුන්ට ජීවත් වීමේ අයිතිය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කම්කරු ප්‍රජාව ලෙස හඳුන්වන උඩරට වතු ජනතාව සදහටම කම්කරුවන් වීම නොව තේ කර්මාන්තයේ ව්‍යවසායකයන් ලෙස හැඳින්විය හැකි බවත් ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කරමින් කුඩා තේ වතු හිමියන් බිහි කිරීමේ විප්ලවයද ආරම්භ කරන බවත් හෙතෙම කීය.

එම තත්ත්වය කතාවට පමණක් සීමා වූ කාලය අවසන් කර ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමේ කාලය එළඹ ඇති බවත් සමගි ජන බලවේගය බලයට පත් වී පළමු ධුර කාලය තුළම උඩරට කඳුරට ප්‍රජාවට අභිමානවත් ජන ජිවිතයක් උදාකරලීමේ ගමන ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

අති දුෂ්කර ජීවිතයක් ගත කරමින් රට ශක්තිමත් කිරීමට අතිවිශාල කාර්යභාරයක් ඉටු කරමින් මේ රටට වැදගත් විදේශ විනිමයක් උපයන කඳුරට උඩරට ජනතාවට ගෞරවය පිරිනැමිය යුතු බවත් ඒ මහතා කීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පෙරේදා (24දා) වතු කම්කරු 200 වැනි සංවත්සරය සමරමින් නුවරඑළිය නගර ශාලාවේ පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.

advertistmentadvertistment
advertistmentadvertistment