යන්නද එපාද කියලා සජිත් මහ රෑ වෙනතුරු අහලා

1195

ජාතික නිදහස් දින උත්සවය සඳහා සහභාගී විය යුතු දැයි යන්න සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමග ඊට පෙර දින (03 දා* රාතී‍්‍ර එක පසුවන තුරුත් සාකච්ඡුා කර ඇතැයි එම පක්ෂයේ ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ට සඳහන් කළේය.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමග සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් විපක්ෂ නායකවරයා මන්තී‍්‍රවරුන්ගෙන් අදහස් විමසා ඇති අතර එහිදී බහුතරයේ අදහස වී ඇත්තේ නිදහස් දින ජාතික උත්සවය සඳහා ආණ්ඩුව අධික වියදමක් දරන බවත් එය මේ මොහොතේ අනවශ්‍ය වියදමක් බවත්ය.

එබැවින් ජාතික නිදහස් දින ජාතික උත්සවයට සජබ මන්තී‍්‍රවරුන් හෝ විපක්ෂ නායකවරයා සහභාගී විය යුතු නැතැයි ඔවුනගේ ඒකමතික අදහස වූ බවත් ඉහත ප‍්‍රකාශකයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමග ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට ඒමට සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, රාජිත සේනාරත්න, නලින් බණ්ඩාර, විපක්ෂ නායක ලේකම් රවී ජයවර්ධන යන මහත්වරුන් ද රැඳී සිට ඇත.

ඒ අනුව බහුතර අදහස සහ වැය වන අධික මුදල සලකා නිදහස් චතුරස‍්‍රයේදී පවත්වන ජාතික නිදහස් දින උළෙලට සහභාගි විය යුතු නැතැයි අවසානයේ දී තීරණය කර විපක්ෂ නායකවරයා සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබේ.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment