ගුවන් තොටේ සේවකයාගේ ඇඟෙන් කෝටි 7 ක රන් බිස්‌කට්‌ මතුවෙයි

511

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පරිශ‍්‍රයෙන් පිටතට රැගෙන යෑමට තැත්කළ ගුවන්තොටුපළ පිරිසිදු කිරීමේ අංශයේ 25 හැවිරිදි සේවකයකු ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (19 වැනිදා* අලූයම 2.00ට පමණ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා ළඟ තිබී කිලෝ ග‍්‍රෑම් 4.848ක් (ග‍්‍රෑම් 4848* බරැුති රන් බිස්කට් 48ක් පමණ රේගු නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. සැකකරු අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගුවන් තොටුපළ සංක‍්‍රමණික මගී පර්යන්තයේ වූ වැසිකිළියක් තුළ ස`ගවා තිබූ මෙම රන් බිස්කට් තොගය, මොහු මෙසේ ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කර තිබේ.

මේ පුද්ගලයා ගුවන්තොටුපළ තුළ සේවය සඳහා මෑතකදී එක් වී ඇත. මෙවැනි දෙයක් පළමු වරට සිදු කළ බව ඔහු රේගු නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ කර තිබේ. මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ තිලක් වැලිකල මහතා විසින් පැවැත්වූ අතර, එහිදී මෙම රන් බිස්කට් සියල්ල රාජසන්තක කර අධීක්ෂණ නිලධාරියාට රුපියල් 200,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර ඇත.

ඉදිරි විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප‍්‍රිය මහතාගේ සහ අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්, රේගු සමාජ ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ හා රේගු අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment