සුනාමියෙන් මිය ගිය අය සිහි කරයි

110

2004 වර්ෂයේ දෙසැම්බර් 26 වැනි දින සුනාමි ඛේදවාචකය හේතුවෙන් පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් දුම්රිය මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම වෙනුවෙන් අද උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා දුම්රියක් ධාවනය වී තිබේ.මෙම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25ට පිටත්ව ගොස් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් 6.50ට පිටත්වුණි.2004 වර්ෂයේ සුනාමි අනතුරට පත් වූ දුම්රිය ඇන්ජිම වන 591 අදත් එලෙසම ගමන් ඇරඹීම මෙහි විශේෂත්වයකි.මෙහිදී කොටුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් විසින් දුම්රිය තුළ පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකළහ.අනතුරුව දුම්රිය පිටත් වූ අතර පැරෑලිය දුම්රිය ස්ථානයේදී විනාඩි දහයක පමණ කාලයක් දුම්රිය නවත්වා සුනාමි සැමරුම් ස්ථානයේ පුෂ්පෝපහාර දැක්වීමට නියමිතය. අද දිනය ජාතික සුරක්ෂිතතා දිනය ලෙස නම් කර ඇති අතර ඒ අනුව සුනාමි ඛේදවාචකයෙන් මියගිය අය සිහිකරමින් රට පුරා පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment