පාසල් දැරිය අපයෝජනය කළ අමන ගුරා අත්අඩංගුවට

656

දහසය හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක්කළ ජනප්‍රිය පාසලක සේවය කළ ගුරුවරයකු තිස්සමහරාම පොලිසියෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් පෙරේදා (10 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස්සමහරාම ප්‍රදේශයට නුදුරු පාසලකට මීට දින කිහිපයකට පෙර ස්ථාන මාරුවී පැමිණි හතළිස් දෙහැවිරිදි ගුරුවරයෙකි. මොහු උපකාර පන්ති පවත්වන ප්‍රසිද්ධ ගුරුවරයෙක්ද විය.

සැකකාර ගුරුවරයා ප්‍රදේශයෙහි ජනප්‍රිය පාසලක සේවය කරමින් සිටියදී එම පාසලෙහි එකළොස්වන වසරේ ඉගෙනුම ලබන දැරියක්ද මෙසේ අපයෝජනයට ලක්කර ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වේ.

තමන්ට සිදුවූ අතවරය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාට දැරිය විසින්ම ලිඛිතව දැනුම් දීමෙන් පසු තිස්සමහරාම පොලිස් ස්ථානයෙහි ළමා හා කාන්තා කාර්යාංශයෙහි නිලධාරීන් විසින් පාසලට පැමිණ දැරියගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති අතර සැකකරු තිස්සමහරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහරාම සහකාර පොලිස් අධිකාරී ගයන් ප්‍රසන්නගේ උපදෙස් මත තිස්සමහරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එම්. වයි. කුඩාගොඩගේ මූලිකත්වයෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කෙරෙති.
දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment