රෙදි රෝල් ලේබලයෙන් මිලියන 487 ක හොර සිගරැට් ගෙනත්

112

ඩුබායි රාජ්‍යයේ සිට නීති විරෝධී ආකාරයෙන් මෙරටට ගෙන්වන ලද රුපියල් මිලියන 487ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (22 දා) ඔරුගොඩවත්ත රේගු අංගනයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

නාවික ලේඛනවල රෙදි රෝල් 266ක් අඩංගු බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම දුම්වැටි මෙරටට ගෙන්වා ඇති බවත් අදාළ දුම්වැටි සහිත බහාලුම තුළ විදේශයක නිෂ්පාදිත දුම්වැටි මිලියන 3කට ආසන්න ප්‍රමාණයක් තිබූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසීය.

මෙම දුම්වැටි තොගය නීති විරෝධී ආකාරයෙන් රේගුවෙන් බැහැර වූයේ නම් රජයට රුපියල් මිලියන 404ක පමණ බදු මුදලක් අහිමි වන බවත් ඒ මහතා සඳහන් කළේය.

රේගු ආදායම් අධීක්ෂණ අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment