10 වසරේ සිසුවියන්ට අතවර කිරීමට වංගු ගැසූ ගුරු අමනයා අත්අඩංගුවට

564

විද්‍යා ගුරුවරයා මෝහයෙන් අන්ධවෙලා…

හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන වටවල ප්‍රදේශයේ දමිළ පාසලක 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකුට අතවර කිරීමට තැත් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ විද්‍යාව ගුරුවරයාව ඊයේ දින (15 දා) සැකපිට අත්අඩංගුවට ගත් බව වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා පැවසීය.

වසර පහක පමණ කාලයක් එම පාසලේ විද්‍යා ගුරුවරයා වශයෙන් සේවය කළ සැකකාර ගුරුවරයා පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකුට අනවශ්‍ය බලපැම් කරමින් එස්.එම්.එස්. කෙටි පණිවිඩ කිහිපයක් යොමු කර ඇති බවත්, එම කෙටි පණිවිඩවලට පාසල් සිසුවියන් පිළිතුරු නොයැවීම නිසා එම සිසුවියන් පන්ති කාමරය තුළ වාඩි වි සිටින පුටුව මත තම යෝජනාවට එකඟද යනුවෙන් ලියා තිබු බව අගතියට පත් පාසල් සිසුවියන් විසින් වටවල පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

අවු 44 හැවිරිදි සැකකාර ගුරුවරයා දෙදරු පියෙකු වන බවත්, එම සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පැවසීය.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment