ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සඳහා 13 වැනි කණ්ඩායම පිටත්ව යයි

123

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සඳහා (13 වැනි කණ්ඩායම) නිලධාරීන් 8 ක් සහ සෙබළුන් 67 දෙනකු ඇතුළුව 75 දෙනකු පසුගිය දා සවස පිටත් වූහ.

එම කණ්ඩායමේ අණ දෙන නිලධාරී ලෙස ශී‍්‍ර ලංකා පාබල හමුදාවේ ලූතිනන් කර්නල් එස්. එම්. ඞී. සමරකෝන් මහතා කටයුතු කරයි. පිටත්ව ගිය සෙබළුන් සහ නිලධාරීන් අතර ඉංජිනේරු බළකාය, සංඥා බළකාය, විශේෂ බළකාය, පාබල රෙජිමේන්තුව, යාන්ත‍්‍රික රෙජිමේන්තුව, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව, සේවා බළකාය, වෛද්‍ය බළකාය, යුධෝපකරණ බළකාය, විදුලි සහ යාන්ත‍්‍රික බළකාය, පොලිස් සේ්වා බළකාය සහ පොදු සේවා බළකාය යන බළකා නියෝජනය කළ අය වූහ.

මෙහිදී ප‍්‍රථම වරට ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායේ මෙහෙයුම් සඳහා ශී‍්‍ර ලංකා යුද හමුදා කාන්තා බළකාය නියෝජනය කරමින් එක් නිලධාරිනියක් සහ සෙබළියන් හත් දෙනකු සහභාගි වූහ. එහිදී ඔවුන්ට සුබාශිංසන පිරිනැමීමේ උත්සවයට ශ‍්‍රී ලංකා යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා කටුනායක ගුවන් යානා අංගනය වෙත පැමිණ සිටියේය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment